Sunday, July 11, 2010

සෙනෙහසේ පිනි කඳුල


නුබේ අතින් අල්ලාගෙන
අනන්තයට ඇවිද යන්ට
මා පැතුවේ එකම හදින්
සදා නුබේ ලගින් ඉන්න
ආදරයෙන් තුරුලු කරන්
හෙමිහිට හිස පිරිමදින්න
රෑ සිහිනෙන් මා එන්නම්
එපා දෑස් හැර බලන්න
සන්සාරෙදි කවදා හෝ
මගෙන් වෙලා ඇති වරදක්
ඒ වෙනුවෙන් මගේ ලෝකෙ
තනිවෙන්නට මට අවසර
දෑස් මානෙ හමුවන්නට
එපා යලිත් කිසිම දාක
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් යලි තනිවෙන්නම්...........

No comments:

Post a Comment