Monday, July 12, 2010

එකම එක පැතුමක්

ක්ෂිථිජ මායිමේ
තරුවක්ව හිනැහිලා
නුබ මට දුන්න දුක
අදත් මා දවනවා
පෙනි පෙනී දුරස්වන
හැම නිමේෂයකම
දස දහස් වාරයක්
සිත හඩා වැටෙනවා
මට අහිමි ආදරය
නුබට හිමිවන දාට
ඈත සිට බලාහිද
සිතින් සුබ පතනවා
උපදිනා මතු සසර
යලිත් හමුනොවන්නට
එකම එක පැතුමක්
සදාකල් පතනවා...........

No comments:

Post a Comment