Wednesday, July 14, 2010

ජීවිතය ඒ වගෙයි......................


සෙනෙහසේ තුෂර කැට
එකින් එක පතිත වී
රතු රෝස මල් පිපෙයි
සුවඳ දී සිනාසෙයි
හේමන්ත සුලං රැලි
රැය පුරා හමාවිත්
රතු රෝස පෙති හැලෙයි
ජීවිතය ඒ වගෙයි......................

Monday, July 12, 2010

නුඹ..........

සිසිල් සුලන් රැල් දසත සරද්දී
සිහින් සරින් දොඩමලු මුව සිහිවේ
ඈත දිලෙන රන් තරුව දකිද්දි
නුඹේ සිනාසෙන නෙතු යුග සිහිවේ
සද එලියෙන් මා ගත නැහවෙන සඳ
නුඹේ සුවද රැදි උණුසුම සිහිවේ
මාලග නුඹ නැති එකමෙක මොහොතක
දහස්වරක් සිත නුඹටම ලන්වේ

එකම එක පැතුමක්

ක්ෂිථිජ මායිමේ
තරුවක්ව හිනැහිලා
නුබ මට දුන්න දුක
අදත් මා දවනවා
පෙනි පෙනී දුරස්වන
හැම නිමේෂයකම
දස දහස් වාරයක්
සිත හඩා වැටෙනවා
මට අහිමි ආදරය
නුබට හිමිවන දාට
ඈත සිට බලාහිද
සිතින් සුබ පතනවා
උපදිනා මතු සසර
යලිත් හමුනොවන්නට
එකම එක පැතුමක්
සදාකල් පතනවා...........

Sunday, July 11, 2010

සත්තයි.......


අඩන්න කඳුලුත් නැතුව,හිනවෙන්න හයියකුත් නැතුව මේ ගෙවෙන්නෙ මහ පුදුම කාලයක්.වචන එකතු කරල නුබට දුක නොකීවට විදවන්නෙ පුන්චි දුකක් නෙමේ මේ.ආදරේ හරි ගැබුරු වේදනාවක් ඒ වගේම සතුටක්.හරියටම හිතලා බලුවොත් ලඟ
තිබුන කියලා සතුටු වෙන්නවත් ඇත් උනා කියලා දුක් වෙන්නවත් පුලුවන් හැගීමක් නෙමේ ආදරේ.ලගම උන්නත් ඈතින් උන්නත් ආදරේට දුක සතුට දෙකම උරුමයි.මන් වෙනුවෙන් නෙමේ ඔයා වෙනුවෙන්ම හුගාක් හිතල තීරනයක් ගන්න.ඒක කොයි විදිහක තීරනයක් උනත් මට සතුටු වෙන්න පුලුවන්.සත්තයි.

සෙනෙහසේ පිනි කඳුල


නුබේ අතින් අල්ලාගෙන
අනන්තයට ඇවිද යන්ට
මා පැතුවේ එකම හදින්
සදා නුබේ ලගින් ඉන්න
ආදරයෙන් තුරුලු කරන්
හෙමිහිට හිස පිරිමදින්න
රෑ සිහිනෙන් මා එන්නම්
එපා දෑස් හැර බලන්න
සන්සාරෙදි කවදා හෝ
මගෙන් වෙලා ඇති වරදක්
ඒ වෙනුවෙන් මගේ ලෝකෙ
තනිවෙන්නට මට අවසර
දෑස් මානෙ හමුවන්නට
එපා යලිත් කිසිම දාක
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් යලි තනිවෙන්නම්...........

ජීවිතය සහ ආදරය..............



ජීවිත් වෙනවා කියලවත් නොදැන මන් ඔහේ ජීවත් උනා
ආදරෙ අරන් ඇවිත් ඔයා මට ජීවත්වෙන්න කියලදුන්නා
ඒත් ජීවිතෙ කියන්නෙ එක මොහොතකින් වෙනස්වෙන
මායවක් කියලා මන් දැනන් උන්නෙ නෑනෙ
ඔයාගෙ ආදරේ නිසා සැහල්ල්ලුවට පාවෙලා ගිය මේ හිත
අද මහ වැස්සකට තෙත බරිත වෙලා
පොලවටම කඩන් හැලිලා
මහ වැස්ස නවතිලා තද අව්වක් පැව්වත්
ආයෙම ඉගිල්ලෙන්නෙ මේ හිතට හයියක් නෑ
දිරල පොලවට පස් වෙල යනකම්ම මන් මෙහෙම බලාන ඉන්නම්
තරහකින් නෙමේ ඉස්සරටත් වඩා ආදරෙන් හැමදමත්.......