Wednesday, July 14, 2010

ජීවිතය ඒ වගෙයි......................


සෙනෙහසේ තුෂර කැට
එකින් එක පතිත වී
රතු රෝස මල් පිපෙයි
සුවඳ දී සිනාසෙයි
හේමන්ත සුලං රැලි
රැය පුරා හමාවිත්
රතු රෝස පෙති හැලෙයි
ජීවිතය ඒ වගෙයි......................

1 comment:

  1. අඳුර පීදී ඇවිත්
    සීතලෙන් ලොව මිදී.....
    බැලු බැලු අතම
    දිවි සිඳී........
    අතු පතර හිම බැඳී..
    උන්නාට අයෙමත්...
    හිරු එක්ක අවදිවී....
    වසන්තය මැලිකඩයි...
    මල් කැකුලු ඉඟි මරයි....
    ජීවිතය ඒ වගෙයි.....

    ReplyDelete